සජබ මාතලේ නාම යෝජනාවලට රෝහිනී හා අලුවිහාරේ ගැටෙති


සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස  නාම යෝජනා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරමින් සිටි තමන් අන්තිම මොහොතේ 11 දින අලුයම තීරණය වෙනස් කොට නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන රංජිත් අළුවිහාරේ  මහතා 11 දින පෙරවරුවේ පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය වරයකු රංජිත් අළුවිහාරේ මහතා මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ ඔහුගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී විජේරත්න මහත්මියගේ ක්‍රියාවලියක් නිසාවෙන් තමන් නාම යෝජනා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිට අවසානයේදී පක්ෂයේ ඉල්ලීම මත   කොළඹ කාර්යාලයට ගොස් නාමයෝජනා සඳහා අත්සන් කළ බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව හිටපු පාර්ලිමේන්තුවූ මන්ත්‍රණී රෝහිනී කවිරත්න මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ තමන් කිසිදු අයකුට කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවය , තමන් සමගී  ජන බලවේගයේ  අපේක්ෂක ලැයිස්තු සැකසීමේ ප්‍රධාන කමිටුව තමන් නියෝජනය කළ බවත් එහෙත් මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරා පත්කර ගන්නා අවස්ථාවේ තමන් එම අවස්ථාවෙඩි   ඉවත්ව සිටි බවද ඇය සඳහන් කළාය.

රංජිත් අළුවිහාරේ මහතා වැඩිදුරටත් කියා සිටියේ නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලැයිස්තු සැකසීමේදී අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේදී රෝහිණි කවිරත්න මහත්මියට අවශ්‍ය පිරිස් ඒ සඳහා ගොනු කිරීම නිසා තමන් දැඩී කලකිරීමට පත් වූ බවය, කෙසේ වෙතත් එය දැන් සමථයකට පත්ව ඇති බවත් තමන් 11 දින පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා භාරදීමට සූදානම් බව ද සඳහන් කළේය.

රෝහිණී විජේරත්න මහත්මිය කියා සිටියේ  මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජනය කිරීම සඳහා  සමගි ජනබලවේගයේ කණ්ඩායම තුළ  වසන්ත අළුවිහාරයේ අයියා රංජිත් අලුවිහාරේ මල්ලි   සහ එම පවුලේම චම්පික විජේරත්න  යන තිදෙනාම ඇතුළත් කොට තිබෙන බවය,  තමා ඒ සියලු දෙනා සමඟ සමීපව දීස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තමන් නිරන්තරයෙන් ම උත්සාහ දැරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් කණ්ඩායමක් තරුණ කණ්ඩායමක් පාර්ලිමේන්තු නියෝජනය කරවීම   යුගයේ අවශ්‍යතාවයක් නිසාවෙන් බවය.



Recommended Articles